ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මිය ගිය දුවට

මිය ගිය දුවට

කුමාරි විජයරත්න - ලන්ඩනය
2022-November

දුටු හැම කෙනෙකුගේ හදවත තුළ කොනක
රැදුනා ඔබේ සුරු විරු කම් හැම කලෙක
ලොවට සුවද විහිදන්නට තිබු. ඉඩක
මිලින වුනේ ඇයි සුන්දර බව මලක

අරුම පුදුම හැකියාවක් තිබු ඔබට
නොහැකි වුනේ ඇයි මරුවා පරදන්ට
ඔබ තිළිණයකි සුර ලොව සිට ආ ලොවට
අහිමි වුනේ රැකෙනා අයගේ පවට

සුරතල් සිනා මුව අග රැදි චූටි දුවේ
අකල් මරණ යළි කිසිදා ඔබට නොවේ
දුක්බර සසර නිමවී කෙටි වෙන්න බවේ
පතනෙමි ඔබට අජරාමර නිවන් සුවේ