ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොදැනිද මමයි පෙර භවයේ නුඹෙ බිම්බා

නොදැනිද මමයි පෙර භවයේ නුඹෙ බිම්බා

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2023-August

මග බල බලා සිටියත් නුඹ යනෙන දෙසේ
බෝ කල් ගත වුණා නුඹ දැක ගන්නට සිතුසේ
ඇරයුම් ලැබූ සැණෙකින් නුඹ දකින ලෙසේ
වැඩියෙමි නුඹෙ තුරුල්ලට දෙව්ලිය විලසේ

දෑසින් නුඹේ සෙනෙහස් ගඟ ගලන විට
දෙතොළේ සිනහ රැළි මතු වී පෙනෙන විට
මුවඟින් නැගෙන විට නුඹගේ කෙළි-කවට
පෙනුණේ නුඹව මලවිය විලසින්ය මට

සසරේ පුරුදු බව හදවත තුළ හංඟා
ඉන්නට දැරුව මුත් නුඹෙ හැඟුමන් පුම්බා
වක්කඩ කැඩුව සේ මැයි සෙනෙහස ගංඟා
නොදැනිද මමයි පෙර භවයේ නුඹෙ බිම්බා