ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබ දුන්නු ආලය

ඔබ දුන්නු ආලය

සුදර්මා වීරක්කොඩි
2023-February

හිතේ ගෑවුන මතක පිසදා
සුසුම් පා කර යවන්නම්…
සිහින අතරේ රිදුම් තවරා
වචන වල පණ පොවන්නම්…

හිතේ නලියන මිහිර ඔප කර
කදුලු වැල් වල ලියන්නම්
ගලන පිණිවල ඔතා මල්පැණි
සුවද මැද රස විදින්නම්..

මතක අමතක නොකර සිතුදම්
මුතු පොටක පළදවන්නම්
නොපෙනුණත් ඔබ දුන්න ආලය
උණුහුමින් සිත දරන්නම්…