ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අතීත සිහිනය

අතීත සිහිනය

සුනිල් එස්. සිරිසේන  - මහනුවර
2022-August

නිදි යහන ඉහත්තෑවේ
ලියකමින් විසිතුරු කොට
නේක මල් කැටයම් තිබුනද
ඒ මල් සුවඳ නැත

සීගිරිය එකළු කළ
විජ්ජුලතා මේඝලතා අත
සියුමැළි ඇඟිලි තුඩින් එක් කොට
බොහෝ මල් තිබුණද
ඒ මල් සුවඳ නැත

පරසතු මදාරා මලක තතු
පොත පතෙහි ඇති නමුත්
නොදන්නා මලක් මතු මතු ද
මනසින් සිප ගත හැකි වුවද
නොදැනේ මල් සුවඳ ?

පූජාසනය මත වැතිරුණු
අනේක සුවඳ පිරි
නෙක පැහැ පරමල් ඇතත්
ඒ අතර ද හමු නොවුණි
මා සොයන ඔබේ සුවඳ