ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නවතින්න මොහොතකට

නවතින්න මොහොතකට

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර
2023-March

කදු ගැටය මත
හිදිමි අත් බැද
පියා නෙතු යුග
දැහැනකට සම වැදුන මෙන්

දිවෙයි ලෝකය
නගා හෙන හඩ
නැවතුමක් නැත
මහා ජල ගැල්මක් ලෙසින්

මුරුගසන් වරුසාව එනු දැක
ඉන් මිදෙන්නද තනන්නේ?
සබද නවතිනු
මුරුගසන් වැසි දෙසට වේ ගඟ ගලන්නේ.