ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රැවටුනාද ඔබත්…?

රැවටුනාද ඔබත්…?

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2021-September

දුකක් දනවන දසුන් දුටුවම
සැබෑවට දුක දැනෙනවා…
යමක් සිදුවී, තරුණි තරුණය
අපහසුවකින් ගෙනෙනවා…
හදක් උණුවන කලදි ඕනැම
දෙයක් කරනට හිතෙනවා…
බරක් මුත් ඒ වගක් නැතුවම
එයට අප කරගසන⁣වා…

කනිං ඇසුවත් යමක් පිලිගනු
එපා එකවිට, කියනවා…
වෙනිං කෙනෙකුට ‘කපුට’ ‘කපුටෝ
හතක්’ ලෙසටම හැඟෙනවා…
ඇසිං දුටුවත් එයද හරිදේ,
කියා දැන් මට හිතෙනවා…
මෙයිං දැක්වෙන දෙයිං මොනවට
අපට එය පහදවනවා…

හොඳිං ඇස් ඇර බැලුව කලදී
තරුණයයි ඔසවන කෙනා…
දමං ඉන්නා පාවහන් දෙස
දෑස හැර බලනුව මැනා…
ඇඳුං වලිනුත් ඇඳන් සිටිනා
අපව හොඳහැටි රැවටෙනා…
ඉතිං කොහොමද දිවිගෙවන්නේ
බොරුව හැමතැන රජවෙනා…