ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිශාචරයන්ගේ රහස්

නිශාචරයන්ගේ රහස්

මයුරි කොඩිකාර - ගම්පහ
2024-January

රෑ බදුල්ලන් අඳුර මැද්දෙන් සොයද්දී
රස පහස්
මෝහිනියනුත් සැංගුවා තම සළුව යට
ලොකු රහස්
පාරිශුද්ධයි ධවල ධඡයෙහි රතු ලකුණ
හරි උසස්
පාද සෝදන් ගෙට ගත්තවුන් රකිනවා
බක තපස්

කර අඹනවා නම් හොඳයි ඒ උන්ගෙ නිවනට පවස්
හණ ගසා හෝ එකම ඇඳකම ගෙවනු හැක සැම දවස්
ගැහැණු පමණද වරදෙ බැඳුනේ මුවෙ ඔබාගෙන හුඹස්
පින කියාගෙන ඉපදුනත් තව ඇරල නැත මුලු පරස්

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

Photo ; 𝗔𝗹𝗲𝘅 𝘙𝘢𝘪𝘯𝘦𝘳