ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මෝහිනි මා උමතු කළ

මෝහිනි මා උමතු කළ

චන්ද්‍රවංශ ඥානසේකර - කොළඹ
2021-June

නසා මා
නැසෙන මෝහිනියේ
මරා මගේ නිදහස
නඟයි නුඹ අද නුඹේ ජය ටැඹ
වල දැමූ බිම මගෙ ආත්මය

උනා දිය ගෙන නිල් නුවන් ඌලෙන්
මැට් පිඩක් කර මගේ හදවත
තනයි නුඹ හිතලු නුඹේ ලෝකය හැඩකරන්නට

මිටින් ගත හැකි ඉඟ සුඟ
රන තිසරු කෙලිනා ලැම විල
බිලි කරයි මගේ රාග ගින්නට
මරා මගෙ සිත උමතු කල රුව
සදා සුව යහනක්
අපේ ලොව දිනු
නුඹේ බිළිඳුට

තවරලා ඇස නේක අංජන
සොයන්නි අද
මිලින වන වත සුපිපි සියපත
නසා මා නැසෙන මෝහිනියේ

2015 / 12 / 03 – 04
( සියළු ස්ත්‍රි පුරුෂයන් එක් ව වැස මුහුණ දෙන
සර්වකාලින ජිවන යථාර්ථය )