ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නව වසරත් ‘ඩිවෙලොපිං ‘ ද?

නව වසරත් ‘ඩිවෙලොපිං ‘ ද?

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2023-January

යලිත් කතිරය ගසා උරගාන ඡන්දයක්

වරක් දෙවරක් ඒවි විශ්වාස භංගයක්

වලක් හාරා උඩින් මල් වඩම් ඇටවුමක්

තවත් පෙන්වයි රටට වතුර නැති මිරිඟුවක්

හතර වට බලන කල සැනකෙළිම භූමියක්

එතෙර සිට බලන විට මෙය තෙවන ලෝකයක්

නතර නොකරම ඇසෙන ‘ඩිවෙලොපිං කන්ට්‍රියක්’

එයත් තව නොවිසඳෙන පොලීසියෙ ‘ඇන්ට්‍රියක්’