ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමන්මලී

සමන්මලී

වෛද්‍ය කමල් විතාරණ - කොල්චේස්ට - එංගලන්තය
2021-August

අතීතයේ මා දුටු ඒ සමන්මලී
තවමත් මා ලඟම දැවටෙයි සිතෙන් බැඳී.
ඇය නොසිටියානම් දුක් සැප බෙදන් සකී.
මගෙ දූ පුතුන් නැහැ මා ලඟ හදෙන් බැඳී.

එන්නට කියා අඬ ගැහුවම යන්න කියා,
බැරිවෙයි කියන්නට එන්නට බැහැය කියා,
කාටත් උරුම ඒ ගමනට යන්න කියා ,
යන්නේ මගේ මතකය ඔබ ලඟම තියා.

ගියොත් ඒ ගමන කාටත් නොකියාම ,
සමඟිව ඉන්න හිටියා වගෙ හැමදාම.
අම්මා මහා වෘක්ෂයකිය අතු දාන
පුතේ දුවේ හෙවනක් වෙයි හැමදාට.