ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තව තවත් ආදරේ ……

තව තවත් ආදරේ ……

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2022-November

මුතුපාන කිචි කිචිය හිතේ කොන කිති කවන
හෙමි හෙමින් මගෙ ළගින් ඇහෙනවා
හෙමින් දුවගෙන ඇවිත් නැවතිලා ආයේ එන
ඔබ මගේ මතකයේ ඉන්නවා …..

මතකයේ ඇදි රුවින් එදා මා සොයා ආ
සුදු මුණ මා ළගම ඉන්නවා
කලින් නින්දට වැටුණු නිදන ඒ ඔබ දිහා
ආදරෙන් මම හෙමින් බලනවා…..

පෙලින් පෙල අමුණලා කොහොම කවි ලියන්නද
මගෙ හිතම මටම අද කියනවා
සිනා මල් පිපුණු ඔබ ආදරෙන් බලනකොට
තව තවත් ආදරේ හිතෙනවා …..