ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෙට පෝය මල් පිංකම අනුග්‍රහය – පා :ම……..

හෙට පෝය මල් පිංකම අනුග්‍රහය – පා :ම……..

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ
2021-December

සැඟවෙන අඩ සඳට අඩු එළියේ රාසේ
වැලපෙන වැටෙන කඳුලක් නොදකී දෑසේ
බැඳෙමින පුර හඳට පාමින් මද හාසේ
වැඳගෙන රකියි සිල් පද දිනයක් මාසේ

අටු වට උඩින් පුන්සඳ මෝරන රෑම
දුටු මම පිපුනි නිදිකර දරුවන් සෑම
කටු වට කලත් හෙට මල් ඕනයි බෝම
නටු අග දුවේ නුඹ නිදියන් නොපිපීම

AnA 2021