ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නන්දක්කා කියා කටපුරා අපි අමතන………..

නන්දක්කා කියා කටපුරා අපි අමතන………..

අනුර හෑගොඩ
2023-December

නන්දක්කා ආ ආ ආ ආ ආ කියා කටපුරා අපි අමතන
අනුරඅඅඅඅඅඅඅ කියා ආදරෙන් මා අමතන
සදාදරණිය නන්දක්කේ

අද ලොවපුරා විසිරී සිටිනා
ඔබ හඩින් සුවපත් වූ
හදවත් සනසාගත්තාවු
ගීත ලෝලීහු
ඔබ දසුන නෙත ගැටී
ඔබ වදන් අසන්නට
ඔබ දෑත සිපින්නට
දස දහස් ගණනින්
සිතින් පෙළ ගැසී සිටිති.

ඔවුනට ඇත්තේ එකම එක ප්‍රාර්ථනයයි.


තෙරුවන් බෙලෙන්
සියලු ආගම් දෙවිවරුන් බලයෙන්
සදාදරණිය නන්දක්කා
සුවෙන් සැපෙන් සිටීවා!
යන්නයි.

එකම ප්‍රර්ථනයේ දෙවෙනි කොටස මෙයයි.
ඒ ඔබේ දිව්‍යමය හඬින්
සජීවී ගීයක් ඇසීමයි.

එය සපල වේවා!