ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නන්දා මාලිනියට

නන්දා මාලිනියට

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2023-December

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල නොම සරසන
ධවල සාරියෙන් හැඩවුණු
ගීත කෝකිලාවිය ඔබ

හිස් මිනිසුන් කුස් පුරවන
අමන ලොවක තතු පවසන
ඔබේ ඔධුර ගී හඬ විය
පීඩිත ජන හද රාවය

ජනඝාතක පාලනයක
පවිටු දුදන ගති හෙළිකළ
පවනින් ඔබ නැගු රණ හඬ
හද තුළ රැව් දෙයි නිබඳව

මේ සිංහල අපගෙ රටේ
යුව දනගේ අරගලයට
මියුරු සරෙන් ගත සනසා
ඔබ ගැයු ගී හඬ අරුමය

මධුර හඬ හද බන්ධන
රසික මන දොළ නන්දන
මාලිනිය ඔබ රන්වන
රැඳෙනු අප’තර හැමදින

ආචාර්ය පාලිත ගනේවත්ත
සිඩ්නි , ඔස්ට්‍රේලියාව
25/11/23