ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පටාචාරා නම් ඇය ……

පටාචාරා නම් ඇය ……

දීපා ද සිල්වා - ලන්ඩනය
2023-March

ගත්තු දැඩි තීරණය
මත්තෙම සිටියාට
හිමි අහිමි විස්සෝප
තනි හිතින් වින්දාට
දරු පැටව් මොහොතකින්
මතකයක් වූවාට
මව්පියන් චිතක ගිනි
නෙත් මතම රැදුනාට
ඇඳි වතේ වාරුවද
හෙමින් ගිලිහී ගියද
අත නොහැර ජීවිතය
දැඩිව අල්ලන් සිටිය
ගැහැණියට තමයි නුඹ
ගල් කැටය විසි කලේ
හේතු පාදක නොදැන