ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කැරකෙණ රෝදේ

කැරකෙණ රෝදේ

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
2023-January

බහිණා කඩාගෙණ පපු කුහරය තුළට
වදිණා පහර කුලුගෙඩි පහරක් විලස
දැණෙනා තවම දැරු දුක් කන්දක මහත
විඳිණා වේදණාවන් යයි දෝ කිකලක පහව

විලුම් ගෙවී මෙලහට ලාඩම් නැත්නම්
ලාඩම්වලත් හිල් පෑදී දැන් බෝ කල්
කළගුණ පිටව යන්නේ ඉස්සරහ දොරින්
ලද සම්මාන ඇත බැඳෙමින් මකුලු දැළින්

දෑතට දිරිය දෙන්නට මං දැරු සවිය
දැණුමෙන් ඔලුව පුරවන්නට යොමු කළ තරම
දන්නේ මමයි මගෙ හදවත විතරක්ය
මගෙ හෙවණැල්ල විතරක් දැන් මට ඇතිය

උඩු වියණක් වුණේ එදවස මං නුඹට
පා වාඩයක් ලෙස ඉන්නෙමි මතු දවස
කරත්තයේ රෝදය කැරකෙණවාය
සවිබල අහිමි ලෙස අද මං රෝදය යටය