ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තුටින් ගයයි උන් විරහව

තුටින් ගයයි උන් විරහව

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
2023-July

චන්ද්‍ර මණ්ඩලෙන් උපන්න…
පුංචි සඳ සාවියේ ……
අඳුරු තිමිර පට ඉරා දමා මා
ආවේ ඔබෙ ආදරය පතා……
ආදර පුදසුන මලින් සරසලා
ගෙත්තම් කල මගෙ කුමාරියේ…..
මාගේ එළියෙන් ඔබ දිලෙනා හැටි
දැක්මෙන් මා සිත පිරී ගියේ……
තරු කැට අතරේ ඔබ නිදනා හැටි
දැක්මෙන් මා ලය පිරී ගියේ…..

කෙමෙන්…..කෙමෙන්… අපෙ ආදර ලෝකය…..
අපටත් නොදැනී බිඳී ගියේ…..
මිතුරු වෙසින් ආ සතුරු කැළක් අපෙ
කැණිමඩලම දා අළු කෙරුවේ
ආදර පුදසුන ගිනි අවුලා උන්
අළු මත වැතිරී ගී ගැයුවේ…….
මා වෙනුවෙන් ඔබ……ඔබ වෙනුවෙන් මා
කුළුඳුල් ආදරය යි පිදුවේ……….
මගෙ හද ලෙන් දොර…..තවමත් විවරය…..
ඔබ වෙනුවෙන් මගෙ කුමාරියේ…..

2023.06.21