ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තුත්තිරි ජිවිත

තුත්තිරි ජිවිත

නාලක ගම්මැද්දේගෙදර
2023-December

වර්තමානයේ සිට අතිතයට ගියෙමි
හැමතැනම තුත්තිරිය
අතිතයේ සිට වර්තමානය බැලුවෙමි
ගෙවුන හැමතැනකම තුත්තිරිය
නැවතත් වර්තමානයට පැමින
අනාගතය බැලුවෙමි
හැම බලාපොරොත්තුවකම තුත්තිරිය.
ඇලෙමින් ගැලවෙමින්
යන ගමනේ ගැලවුම සොයා
නැවතත් අප ඇලෙමි.
නැවතත් අප ගැලවෙමි.

නා.ලා