ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජිවිතයේ නව මංසන්ධිය

ජිවිතයේ නව මංසන්ධිය

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2023-August

මව් ගස මෝරමින් ඉහළට ඇදෙන්නේ
මලින් බර අතු අග ඵලෙන් පිරෙනනේ
මලිති බටිති රසයෙන් මත්වී මියුරු ගී ගයන්නේ
බිමට වැටුණු ඇට මව් තුරුල්ලේ වැඩෙන්නේ
ගසින් වැටෙන වියළි කොල පස සරු කරන්නේ …….
අම්මා නුඹයි දරු පැළයට ඉඩදී
ඈත්වී නැමී බලා ඉන්නා ……..
උදෑසනට රේඩියෝවේ ඇසෙන බණ සවනත වැටෙද්දී ……
වෙලා ගත් දුක් සංකා බිය දුරුව යද්දී
සොබාදහමට ලොව අවනතැයි පසක් වෙද්දී
කුස තුළ වැඩෙන නව කළලයක් පෙරළි කරද්දී,…….

මන්ද බුද්ධික වැඩිමහල් පුතු කුසට තුරුළු වෙද්දී
මොහොතකින් සුව යහනක් සදා ගනිද්දී
දැස් වසාගත් කඳුළු ගංගාව කඩා හැලෙද්දී
රෙදි කොණින් පිසදා,…..
තුරුළු කර ගතමි පුතු තදින්ම

සති මාස් පහන්ව ගෙවී ගියා,…..
සුරතල් බිළිඳුන් නිවසට කැන්දන් ආවා
තන පුඩුවේ ඵල්ලී කිරි උරනා නංගා,..
දකින හැම විටෙකදීම පුතේ නුඹෙ,.
ඇස් බෝලවී කඳුලින් පිරුනා,..
වාවාගත නෙහැකිව කඳුළු සැලුවාට
ඒ ආදරේ කඳුළු ….
මතකයි ! පුතුනෙ මා නුඹ උකුලේ හොවා සැනසුවා

නංගා සිනා නඟන හඬින්
කුල්මත්ව දිව විත් හාදු දෙමින්
අත්පොළසන් දෙමින්
පාට පාට කූරු පැන්සල්
බිත්ති පුරා ඇඳි රටාවන් …….
පුතේ නුඹ නිදහස් ලොවක රජෙකි දැන්.

16/07/2023