ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉකිලන තරුව

ඉකිලන තරුව

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2022-November

දිනෙක හමුවිය හොරෙන් ඉකිලන – සඳට රහසේ සෙමෙන් නික්මුණ
පොළෝ තලයට කඳුළු වස්සන – තාරුකාවක් දැවී අළු වුණ

ඈත අහසේ රෑට දිදුළන – කිමද තරුවේ තනිව ඉකිලන
තාරකාවට සෙමින් ළංවුණ – ඇසුණි කිිසිවෙක් ඇගෙන් විමසන

සඳට එළියක් දෙමින් බැබළුණ – තරුව විය මම ඔහුට පේ වුණ
දිනක් විය ඔහු බෝ කුරිරු වුණ – තරුව කීවා අහක බලමින

නැතේ තව නුඹ හදේ රන්දා – සඳෙන් ගිලිහුණ වදන් නින්දා
දරා ගන්නට බැරිම හින්දා – තරුව රහසේ ඉකිත් බින්ඳා

මෙතෙක් කල් වූ සරා සඳවත – වුණා එක්වර ගරා යක්වත
දරා ගන්නනට බැරිව මේ වත – තරුව රැක්කා ඇගේ මුනිවත

දැවී යන මොහොතේවත් – මහදෙ නැත කහටක් වත්
සඳෙහි මතකේ වත් – ඉන්න ලැබුණොත් එයම යහපත්

මෙසේ කී බව තරුව හිතවත් – දන්නේ නෑ තව අහෝ! සඳ වත්
පාවි යන මේ වළා රොදවත් – ගිහින් කියපන් සඳට දැන්වත්

– තීෂ්‍යා දුල්මිණිගේ වසන්තයේ දවසක් නවකතාවෙනි-