ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝ වැඩ සඟරාවේ සිත් ගත් කවි – ජනවාරි

ලෝ වැඩ සඟරාවේ සිත් ගත් කවි – ජනවාරි

වීදාගම මෛත්‍රී හිමි
2021-January

අලවන මේ කම් රස දොස විමසා
පලයව් තපසට පුළුවන් වයසා
පල රස විඳ ගස උඩ උන් මිනිසා
මුල සිඳිනා තෙක් ඉඳි දෝ නොබැසා

සිත අලවන්නා වූ කම් සැපතෙහි රසයක් නැත.
එහි ඇති දොස් විමසා දැක පුළුවන් වයසේ දී
තපසට යා යුතු ය. ගස උඩ පල රස විඳිමින් සිටින
මිනිසා එම ගස මුලින් කපන තෙක් ගසින් නොබැස
සිටී ද?