ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අත සැපීම…!

අත සැපීම…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2022-August

කන්න දුන් අත සපන බව ඇත අසා සැම, පොඩි කාලයේ…
මෙන්න බලනුව එවන් දසුනක්
ගැලපෙනා ඒ තාලයේ…
දුන්න කල අප උදව් යම්කිසි අයෙකු හට ලෝ ගෝලයේ…
පන්න පන්නා සපන්නේ මේ ලෙසිනි,
නෑ තෙත ඒ ලයේ…

කිරි පෙවූ නයි දස්ට කළ බවකුත් ඇතේ නිතරම අසා…
තිරිසනුන් හට සිතනු බැරිකොට සමා දිය හැක ඒ නිසා…
සිරි මවා සිනහා පපා එන මිනිස් කැල කරතත් ගොසා…
නරි වගේ හැසිරෙනා කලනම්
එපා වනවා හද නසා…

මුලින් පානා සෙනේ කෙලෙසද වෙනස් වන්නේ , එක සැනේ…
දලින් විස පිට කරන අයුරින්
දොඩවමින් එහෙ මෙහෙ වැනේ…
කලින් කල ඒ පැහැ වෙනස් වන රෝගෙකින් පෙලෙනව දැනේ…
තුලින් හද පැන නගින්නේ දුක
සිහි කැඳවමින් වැදි, ඇණේ…

දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා. දෙහිවල .
Attachments area