ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුරු නෙතින් කඳුළු නොවගුරුවමි……….

ගුරු නෙතින් කඳුළු නොවගුරුවමි……….

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2023-November

හිඟ වැටුප් අයැදිමින් – හිරු රැසින් පිලිස්සිමින්
කුස ගින්නේ දැවෙමින් – යටිපතුල් රිදවමින්
බැනර් පෝස්ටර් ඔසවාගෙන – ඇවිද එන පිරිස අතරේ
දුටිමි ගුරු මවුපියන් – වියැකුනු මුහුණු ඇති

අකුරු කියා දී – යහමග පෙන්වා – අපේ දෑස පෑදූ
ඔවුනගේ දෑසින් කඳුළු වගුරුවන්නට
කඳුළු උණ්ඩ ඔවුන් වෙත එල්ල කරන්නට
අණක් ඇසුනත් දෙසවනට
කෙසේනම් ඒ අණ පිලිපදින්නද?
හොරුන්ට රජවෙන්නට ඉඩදී – ඉදිමුද තවත් කාලයක් දුක් දිදී

30 ඔක්තෝබර් 2023