ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සොඳුරුතම දසුනකිය ඔබ

සොඳුරුතම දසුනකිය ඔබ

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2022-August

හිම වැටෙන දුරු රටකි
ගිලන් වී රෝහලක
ඇදක් මත සිටි දිනෙක
දොර ඇරන් කාමරයේ
ආවා කළුමකළු හෙදියක්
තල්ලු කරගෙන ට්‍රොලියක්
තොරොම්බල් කරත්තය වාගේ

හලෝ ගුඩ් මෝනින්ග්
මිහිරිතම වදනක්
බලමු අපි බ්ල්ඩ් ප්‍රෙෂර්
ඊළඟට බ්ල්ඩ් සුගර්
අතරතුර කථාවක්
ගනිමින් වැටෙන නාඩිය
අත තදින් අල්ලාගෙන
ඊයේට වැඩියෙන්
අද දවස කොහොමද
බොන්න මේ බෙහෙත් ටික
යන්න යයි අල්ලපු ඇඳට

මව්බිමේ හිටි දිනක
දැනුනි පෙර මතකයක්
පෙරදිනක රෝහලක
වී සිටිය රජ කුමරියක්
ගැන කියන
මියුරුතම ගීතයක
සොඳුරුතම දසුනකිය ඔබ