ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවේ හිමි
2021-June

හිමි තම නැණ නැවින්
සැදී ගී තරඟ බෙහෙවින්
වෙණ සිප් මහණවින්
කළේ ඔහු පරතෙරට මැනවින්

ගුත්තිල පඬි තම ඥානය නමැති නැවෙන්, බොහෝ වූ
ගීත තරංගයන් ගෙන් හෙබි වීණා ශිල්ප නමැති සයුරින්
ඔහු (මූසිල) මනාසේ පරතෙරට ගෙන ගියේය.

හිමි ඔබ ඉදිරියේ
වැයුවත් වෙණ ඉදිරියේ
ශිල්ප එක සරියේ
එයි දුන මැනවි පඩි සරියේ

මූසිල විසින් බ්‍රහ්මදත්ත රජුහට මෙසේ පවසන ලදී;
ස්වාමිනී , ඔබ අභිමුව විරෝධීව වීණා ගායනා කළත්
අප ශිල්ප එක සමානය. එබැවින් එක සමානව වැටුප්
දෙනු මැනවි.

සටහන; මූසිල වීණා වාදනයෙන් පරතෙරට ගොස් ඇත.
අදක්ෂයෙකුට එසේ ශිල්පයක් පිහිටන්නේ නැත. එසේනම්
මූසිල දක්ෂයෙකි. ඔහු කළේ සමාන වැටුප් ඉල්ලීම පමණි. එය
ඔහුගේ ගුරුතුමාගේ සිත තලන්නක් වූයේ කෙසේද?
එදා සමාන වැටුප් ඉල්ලීම මරණය දක්වා දිවෙන වරදක් ලෙසට
පාර කැපුනත් ගුත්තිල මූසිල සටන අද පැවැත්වුන හොත්
ප්‍රතිපලයේ වෙනසක් විය නොවිය හැකි බව කිව හැක්කේ කාටද?