ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉගිලෙන සිතුවිලි…..

ඉගිලෙන සිතුවිලි…..

කිත්මිණි ජයසිංහ - ලන්ඩනය
2021-May

හිරු නිවී යයි හොරෙන්
සඳ නිවී යයි   හෙමින්
තරු නිවෙන්නට කලින්
රැය ගෙවේවිද ඉතින්

වැහිපොදක් වී සෙමින්
ඔබ වැටෙයි ආකහෙන්
හිඳ  බලා කවුලුවෙන්
විඳිමි  රුව ඈතකින්….

සුළං රැල්ලක් වෙමින්
ඇදෙන  විට  සීරුවෙන්
වරා  මල පාවෙමින්
ඇදී එයි  ඈතකින්…

වලාකුල්  සේදෙමින්
වැහි වැටෙන ගීතයෙන්
හිරිවැටෙන  තාලයෙන්
කවි ගොතමි සීරුවෙන්………