ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කේතලේ මගේ

කේතලේ මගේ

විශේෂඥ වෛද්‍ය කේ.එල්.වික්‍රමරත්න - කොළඹ 5
2021-March

කේතලේ මගේ
විටකදි වාශ්ප පිට කරයි
ඇතුලේ බොයිල් වෙනවා නේද ?
එතකොට නම් මට බයයි

තවත් විටක අයිස් වගේ
බොහොම සීතලයි
හීන් දාඩියත් දමාලා
කූල් එකේ ඔහේ සිටියි

රත් වූවොත් ශබ්ද දමයි
විසිල් එකත් පටන් ගනියි
මට නම් නිවනක් නැතිවෙයි
නිදා ගන්න වත් බැරි වෙයි

මෙයා ටිකක් සිසිල් කරලා
ඇබයක් වත් ගහ ගන්නවා

………………කන් දෙකේ..!