ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අහෝ මගෙ රට,.!!! 🥲

අහෝ මගෙ රට,.!!! 🥲

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
2022-August

අහෝ මගෙ රට,.!!! 🥲

හැදෙන්නට නම් ඒත් කල් ඇති

හොරුම රජ වෙති තරම් වත් නැති

අගාධෙට ඔය ඔන්න පෙරලෙති

කලේ මොනවද දෙයියො නොදනිති!

‘පොට්ටු’ හිරවුනු අලිය මදකිපි

අහිංසක කොළු රැළම පන්නති

ලැජ්ජ නැති සම හරක් ඉපිලෙති

“දේශප්‍රේමී” හිවලු රජ වෙති

ගැත්තො ඔක්කොම දුන්න උඩගෙඩි

හොරුන් නැංවුව උන්ට ජය කොඩි

මල්ල පිම්බුන, මන්ධීර රජ පඩි

සොක්කො පාරේ කතී ‘මල් වෙඩි’

දුවා දරු මහපාරෙ වේලෙති

ඉස්කෝලෙ ගුරුවරු හුලං බී හති

අනාගතයක් කොහෙද?! ගොලුවෙති

අහෝ මගෙ රට හුම්මානෙ හිරවෙති

22/07/22