ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගමනක් යනවා

ගමනක් යනවා

උපාලි අත්තනායක - මහනුවර
2024-January

පාරට බැස්සා ගමනක් යන්නට
සිතුවිලි පොදියක් මල්ලක දාගෙන
මම දන්නෙත් නෑ මොනවද සිතුවිලි
අරමුනු මොනවද
යනතැන කොහේද
කොහේද යන්නෙ
මොකටද යන්නේ
ආපසු එනවද
මගතොට හමුවන
දකින දකින අය
අසන දේට මට
උත්තරයක් නැත

මම යන එන තැන
මමත් නොදන්නෙමි
නුබත් නොදැන ගෙන
නුඹ යන එන තැන
නුඹ විමසන්නේ
ඇයිද නොදන්නෙමි

මගදිග රොඩුබොඩු මල්ලට පුරවා
මල්ල හලන්නට හිතදෙන්නෙම නැහැ
නවතින තැන ගැන නොදත් කමට මම
ගමනක් යනවා කොර ගහ ගහ මම