ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අසම්මතය සම්මත වූ වගයි ……

අසම්මතය සම්මත වූ වගයි ……

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2023-October

මනමේ සොයුරිය – ප්‍රමිලා සොයුරිය
අද මෙන් හෙටත් කවදත් – රසික ලොවේ ඔබ
මනමේ කුමරියමයි – ප්‍රමිලා කුමරියමයි
තවමත් ඔබ ඒ යොවුන්වියේමයි

ඔබගේ ප්‍රේමය – කවුරුන් හෝ කීවද
අසම්මතයයි – තහනම් ප්‍රේමයකැයි
ඔබේ…….
සිතතුළ රැඳුනේ පෙම්බර අවියක්
සීමා මායිම් බිඳලන සවියක්

අදටත් ඔබ ගැන – ලලිත කලා ලොව
අගයන ගැදි පැදි – රඟනා රැඟුමන්
දහසක් දෙනගේ – කලාකාමි සිත්
ප්‍රේමයෙන් රන්ජිත වෙන්නේ
සක්මන් මළුවේ පියුම් පිපෙන්නේ
අසම්මතයේ සම්මත වූ –
ඔබේ ප්‍රේමයේ සරා සඳ රැසින්

28 සැප්.2023