ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මව්බිමෙන් සමු අරන්

මව්බිමෙන් සමු අරන්

අංජලී චන්දිමා සිල්වා- ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
2021-November

නෙතු වසා සිහි කරමි
ඔබේ ගුණ කදම්බය
හදවතට අහිමි ඒ
මිහිරි ගුණ සුගන්ධය
යළිත් කවදාකවත්
නොදැනෙනා බව සිහිව
කඳුළු බිඳු නැගේ මගෙ
වැසූ නෙතු අද්දරට

රට ද හැරදා ගියේ
මතකයන් ඈත් කර
හදවතේ කොනක හිඳ
විටින් විට එබෙනවද
මතක සැම එකතු කර
හදවතේ රන්දගෙන
යළිත් මෙහි එනතුරා
මඟ බලා හිඳිමි මම

 

(මව් බිමෙන් සමුගෙන ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය
සෝමබන්ධු කොඩිකාර දෙපළ වෙනුවෙන් ලියූ කවියකි )