ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මට තේරෙන්නෑ

මට තේරෙන්නෑ

වෛද්‍ය තිලින වැලිවිට - හැරෝ , එංගලන්තය
2023-August

එහෙටත් යනවා
මෙහෙටත් යනවා
ඇසුත් ගැටෙනවා
මට තේරෙන්නෑ..

එනකන් ඉදහිට
මගත් බලනවා
හිතත් හොයනවා
හරිම කරදරයි
මට තේරෙන්නෑ..

අමුතුම සුවඳක්
නහය හොයනවා
හිතත් පිරෙනවා
හරිම අමුත්තක්
මට තේරෙන්නෑ..

යනකොට මගහැර
කොනින් බලනවා
යටින් බලනවා
ඇස් පැටලෙනවා
මට තේරෙන්නෑ..

හුලහක් වාගේ පහුකර යනවා
මම නවතිනවා
හිත නවතිනවා
මොනවා වෙලාදැයි
මට තේරෙන්නෑ..

හුරතල් ගතියක් වගේ තියනවා
හිතත් ගැහෙනවා
මටත් හිතෙනවා
මොකක් වේවිදැයි
මට තේරෙන්නෑ..

හරිම වේගෙකින් දවස ගෙවනවා
වැඩ නවතිනවා
ඔක්කොම යනවා
යන්න බෑ වගේ
මට තේරෙන්නෑ..

නින්ද හරි හොරයි
ඇස් පියවෙනවා
හීන පේනවා
හිතම කලබලයි
මට තේරෙන්නෑ..

උදේම නාල
කොන්ඩේ පීරලා
මටත් හොරා මම
දුවගෙන එනවා
මට තේරෙන්නෑ
මට තේරෙන්නෑ ….