ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කතරෙහි පිපි මල්…..!

කතරෙහි පිපි මල්…..!

ලලනී ගීකියනගේ - රත්නපුර
2022-February

නව නව හැඟුම් පුබුදාලන හිත් ගොල්ලේ….
හිඳ හිඳ රොන් සරට ගුමු නද නැති නිල්ලේ…..
වන බඹරුන්ට දුර ඈතයි එක එල්ලේ….!
තව තව මල් පිපෙනු ඇත
නිරුදක වැල්ලේ…..!

පිණි ඉහිරෙන කඳුල විඳ විඳ පවනැල්ලේ ….!
දිසි වන මඩල රැස් දහරයි අරුණැල්ලේ…..!
මිණිකැට දිලෙන හිරු කුමරුගෙ
ඇසිපිල්ලේ…..!
විසමත් බඹරු ඉකිලයි පහනට දැල්ලේ…..!

දිවි මග සොඳුරු රසමුසු තැන් එක්වෙන්න….!
සිසි කිරණෙහි සිහිල හදතුල රඳවන්න…..!
ඇසිපිය පියෙනතුරු එකටම ලඟ ඉන්න…..!
‘නිරුදක කතර පිපි කුසුමට’ සමුදෙන්න…..!