ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නුඹේ මඳලස මට ඇතී

නුඹේ මඳලස මට ඇතී

ආරියරත්න ජයසිංහ - මහරගම
2022-November

ආමි අද මම සිහිගිරී
දැකුමට ඔබේ රූ සිරී
බෙයද මත නිසලව හිඳී
ඔබේ රුව දැක දුකත් සිතුනී

තුංග පියොවුරු තුඬු නැගී
ඇන්ද සළුපොට ලිහිල්වී
සිත්තරාටත් සිහිය නැතිවී
වසන්නට ළැම සළුපිළී

නන් හුදී ජන මෙහි ඇදී
බලා ඔබ රාගෙන් වෙලී
ලියූවත් නන් කුරුටු ගී
නොලීවෙමි බිත එවන් ගී

නෙතු අගින් නුඹ සිනාසී
බලා මා දෙස යළි හැරී
බෙයද මත නිසලව හිඳී
නිල් උපුල්වන් මියුලැසී

සිටියනම් සිත්තරෙකු වී
සළු පොටේ ළැම සඟවමී
ඉණත් තදකොට අන්දමී
නුඹේ මඳලස මට ඇතී.