ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නුඹවන් පහන් එළි ඇත්දෝ මග කියපු

නුඹවන් පහන් එළි ඇත්දෝ මග කියපු

කාංචනා පෙරේරා කපුගේ - කොළඹ
2023-July

කිමිද සකල කලා සිඳු ලඳ පතුලු
ගෙනෙති මිණිවන් පැදිපෙල් අමයුරු
තිබුනද සියදහස් තරු ලකඹර පිපුණු
නුඹවන් පහන් එළි ඇත්දෝ මග කියපු

වියළි කර්කශ බිමක තිබුණු
සිහල කලා කෙත පෙමින් අස්වැදු
සුනිල දියවර නුඹය නිරිඳූ
බැතින් සත් පියුම් ප්‍රසාදිනිය පුදමු….