ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කාලෙකින් හමුවීම

කාලෙකින් හමුවීම

උපාලි අත්තනායක - මහනුවර
2024-February

දිගු කලෙකින්
නුඹ මට මුනගැහුනා
නෑවෙනසක්
එදාවගේමයි
නුඹ මා හඳුනාගත්තා
මා නුඹ හඳුනාගත්තා
මගේ හිතේ රැඳී තිබුනු
නාම රූපයයි

හිරු සඳු පායන
සුලං හමායන
ගහ කොල සෙලවෙන
වෙනසක් නෑ ලොව

අවිඳු ඝනදුරේ ගිලිලා
නුඹ කවුරුන් දැයි
මා කවුරුන් දැයි
නොදැන සිටින අපි
හිටිය වගේ මයි
සිත තුලරඳවා
අතරමංවෙලා
සංසාරේ

කෙසේද නුඹ මම
කෙසේද මම නුඹ
හඳුනාගන්නේ
නුඹත් නොහඳුනන
මමත් නොහඳුනන
භව කතරේ

Photo; Travis Grossen