ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වසර ඉස්මත්තේ හිඳ…

වසර ඉස්මත්තේ හිඳ…

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
2022-December

ජීවිතේ සරත් ඍතුවෙන් ගොස් හෙමින්
සිසිරයේ හුස්ම ගන්නා මිනිසුන්
තවමත් කොහොමද ඔතරම් සිනාවෙන්
ඇහුවේ ඇගේ තරුණ ඇස් පුදුමයෙන්
ඔබේ කම්මුල් වගේ රත් පැහැයෙන්
පිපෙන කැමිලියා මල් පෙතිවලින්
බොහෝ දේ ඉගෙනගන්න පුලුවන්
මහලු කත කීවෙ සැහැල්ලුවෙන්
සරත් හරහා සිසිරයට ඒවා පිපෙනවා
ආදරේ සහ සිහිනවල පාට පෙති අස්සෙ ගුලි කරන්…

The lesson we get to learn at the end of each year is how is these single personalities restart, forgive , forget and bloom again. It is just like snow flakes become water and camellia getting bloom