ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අදටත් වටිනා ඔවදන්

අදටත් වටිනා ඔවදන්

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2022-December

අහස් තලේ සුදට සුදේ පාවෙනා
වළාකුළු වගෙයි සිතුවිලි නැගෙනා
අතිතයේ මතක පිටු පෙරලුණා
හ්ම් ! ලස්සන තැනක මා නැවතිලා
සතියේ පුවත්පත්වල පලවන
ළමා පිටුව හඬ නගා හනිකට කියවන
පුරුද්දට ලොකු අයියාගේ බාධා අපමණ
දවස් එමටය සිත කලඹවන

සති අන්තයේ යන ගමන ගැන
ඇතිවන කතා බහ උපදෙස් අපමන
නංගියේ කතු වැකිය හොඳින් කියවන්න
සීයා ගැන දැනගෙන දෙන්නේ ඔවදන
පියසේන නිශ්ශංක මහතානෙනි !!!
මතකයෙහි මගෙ ඇඳෙන ඔබ තේඡස් රුවෙනි
තේ මෙසයේ ගාම්භීර බවත් සිහි කරමිනි
පෑනට ගලා එන්නෙ ඔබ දුන් ඔවදනි
අතිතයේ සුවඳ පිටාර ගලමිනි

ලොකු අයියා ලියු තිර නාටක
මතකයි හොරෙන් කියවනවා විටක
සහායට අම්මාත් එක්වෙනවා විටක
සුන්දරත්වයෙන් පිරුණු ළමාවිය හැම මොහොතක

තුරුණු වියෙහි ඉගෙනුමට හොරා
යෙහෙළියන් සමඟින් පොත් පිටු සරු කරා
ඉන් සමහරක් පුවත්පත් වල පලකරා
ලද මුදල් Tuck Shop එකට පුඡාකරා
භාරති මගෙ පාසැල් මිතුරිය සිහිවෙනවා හදපුරා

ඉගෙනුම අතරින් තවත් පියවරක් ඉදිරියට
කියවන Detective කතා පරිවර්තනයට
වෙහෙසක් ගෙන රසකර ලියන්නට
සවස පුවත්පතේ මැද පිටුවට
ලද වැඩිපුර මුදලෙන් දුන්නේ සතුටක් සිතට

ගලාගෙන එන මතකයන් අදටත්
සිත නැවුම් සුවඳින් පිරී ඉතිරීයත්
නවත්වා ගනු බැරිය පෑන් තුඩටත්
Covid වසංගතයෙන් සීමා මාලක බැඳුණත්
කාන්සියක් නොව දැනුණේ මොහොතකටවත්

15/11/2022