ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කනත්තේ නැහැ සොහොන් මිසක් මහ ලොකු පොරවල්

කනත්තේ නැහැ සොහොන් මිසක් මහ ලොකු පොරවල්

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2024-January

ඉරයි , හදයි එක අහසක දිලිසෙන ලස්සන

මොකටද මේ ජාතිය , රට, ආගම , පාසැල

ඇයි බෙදෙන්නෙ අපි බදාන මේ ලොකු මහ බර

ඉන්නේ අපි එකම ලෝකේ නෙවෙයිද කැරකෙන

කුලය, මලය බේද නැතුව බදින්න බැරිමද

ආදරයට , කරුණාවට පාට තියෙනවද

වෙන්කලාට භාෂාවෙන් සිරිතෙන් අපි බර

ලේ වල වෙන පාට කොයිද රතු ඇර මොනවද

උපදිනකොට අපි අරගෙන එන්නැති ලේබල්

මැරිලා යනකොට පෙට්ටියෙ ඉඩ නැති දේවල්

එතකොට මොකටද මේ ලොකු ගේ දොරවල්

කනත්තේ නැහැ සොහොන් මිසක් මහ ලොකු පොරවල්

බොරු මායිම් , සීමා වැට කොටු ඇද බැන්දට

හිත වටකර වැට බදින්න පුළුවන් කාටද

අමතක කර දාලා මේ නාටක කෝලම්

දාපු දාට දිනනවා අපි නෑ සැක කිසිකල්

Photo; Clément Rémond