ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යසෝධරා නොකී කව​

යසෝධරා නොකී කව​

තිලක් ධර්මරත්න - කොළඹ
2022-March

සැබෑවක් මය….එය..
ඔබවන් පුතකු ලද මවද ..
පියා ඔබ වු සිඟිති පුතණුද​…
ඔබෙ සෙනෙහස දිනූ පිය ළඳ ​..
නිවුන බව නම්…

එහෙත් නොවටී නොවෙද හිමියනි
සොයනු ඇයහට ඔබේ වත ගොත​
රිසි නොවේ ගෝතමී මා හට​
හිමියනි කමනු සලිත මසිත ට…

දමා තනිකර බොළඳ‍ මා සිත​
නොදුටු සුරතල් රහල් කුමරු ද​
නොයනු මැන අබිනික්මනේ
දිලෙන සඳ මේ රාත්‍රියේ….

නොයමි කිසිදා නුඹ ව හැරදා
කඳුලු සඟවා හිඳිමි හිමියනි
පතමි සඝමොක් සුවේ ලබනට
ඔබ දිනූ දා ඔබ දෙපා මුල​…