ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබේ පැසෙන්ම මලක් සොරා ගතිමි.

ඔබේ පැසෙන්ම මලක් සොරා ගතිමි.

රවින්ද්‍ර රන්දෙණිය
2023-July

වියත් සබ මැද මුලසුනෙහි ඔබ
අරුත් බර ගී උල්පතත් ඔබ
සත්‍යයේ ගී රණහඩත් ඔබ
සිනේ සලරූ අදියුරුත් ඔබ

මේ සියල්ලෙහි අප දකින්නේ
ඔබම පමණයි

ඔබ අනන්තයි!

ඔබ පුදන්නට ඔබේ පැසෙන්ම මලක් සොරා ගතිමි. එවන් සුවදැති අන් මල් නොවන නිසා.