ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෙටි කවි සතරක්

කෙටි කවි සතරක්

කපිල කුමාර කාලිංග
2023-May

උදෑසනක්
—————-

වෙහෙස පත්
මුහුණු ඇති
රොබෝ මිනිසුන්
උදෑසනම
බස් නැවතුමෙහි

කඳු සිරස
—————-

පැරද යයි
මොහොතකින් මිහිදුම
යළි හිනැහෙයි
කඳු සිරස

සිහින
———–

රෑ දුටු සිහින
දිවා කල ද
මා සමඟ ම

සුබ අසුබ
—————-

සුබ මොහොතින්
එක් වූ ඇය
පලා ගොසිනි
රාහු කාලයේ දී
හමු වූ ඇය
තවම මා සමඟ

2023/04/25