ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කඩුපුල් මල්

කඩුපුල් මල්

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2023-April

සල් උයනෙන් හැරී නැවත පැමිණිය
දරු උපත එලිමහන
නෙළුම සොඬින් ගත් සුදු ඇත් සිහින
සිත දරන් මිලින වුනිද ඇය
කිසිදා අරුනළු නොදකින
කඩුපුල් මලක් විලසින

රුහිරු ගලනා විට
නෙක සංකූලතාවනට
නිසි ප්‍රතිකර්මයක් කරනට
දිව ඔසුවකටවත් අනේ බැරි විද
පසු සටහනක් නැද්ද බලනට
රාජකීය වෙදදුරාගෙන් ලද

කුතුහලෙන් සංවේගයෙන්
පිය නගමි නුවර තක්ෂිල..
ගම් දනවු සැරිසරමින්
කරුණු කාරණ ඇසින් දුටු කළ
නැණස පෑදෙනු ඇති බවක්
කියයි ඇදුරිඳු දිසාපාමොක්

ගෙදර එන්නැයි ඉක්මනින්
ඉල්ලා ලියූ කන්නලව්වක්
සුරත ගුලි කරගත් මවක්..
උණුසුම ඇතත් යන්තමින්
නෑ හදවත ගැහෙන වගක්
ඇසේ බිළිඳෙක් කෑගසන හඬක්

නිමිත්ත- 2023 ඌරගොඩ දේශණය