ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කැටුව යෑම​

කැටුව යෑම​

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
2022-March

මරණය – භව මිතුර​
දැක ඇතත් ඔබ නිතර​
නොපැතුවෙම් ඔබ ඇසුර​
යන එන මං නැතිව​
සසර​ මග අසරණව​
සිටින විට​​ හුද​කලාව​
මා කැටුව යෑමට
ඔබ පැමිණ දුර සිට
කළ සුහද ඇරයුම​
සැනින් පිළිගතිමි මම​

අප දෙදෙන සමගින්
අසුන් ගෙන නිහඬින්
රිය තුල විය
සංසාර​ භවය
මා වැනි ප්‍රුථජ්ජන​
යන නොනිමි ගමන
දැන​ යලි භව තරණය​
සලසන ඔබ මරණය​
සරණ වන සත හට
බැව් වැටහු​නි​ මා හට​

සංසුන්ව යන ගමන්
දුටිමි කවුළුව තුලින්
හිරු නැගෙනු පෙරදිගින්
නිවන් සුව නොලැබුනත්
ගමනාන්තය නොදනිතත්
නොදැනේ කිසි චකිතයක්
හේතුවෙන් ලද ඵලය​
ලැබෙන බැව් නියතය​
ඇරඹුමක නව දිවිය​
සමගින් මතු භවය​

නිරන්ජන් සෙල්වදුරේ (Sydney, Australia)