ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තවම මොකුත් වෙනසක් නැද්ද ? – නැන්දම්මා

තවම මොකුත් වෙනසක් නැද්ද ? – නැන්දම්මා

නුවන් තොටවත්ත
2022-June

දරු සෙනේ කියන්නෙම
දුකක් නොදෙනා එකට
මං එහෙම හිතාගෙන
ඉන්නවා

කාලයක් දේශයක්
බලනු බෑ හැමෝටම
මං ඒක හොඳටෝම
දන්නවා

රිංගන්න හිතාගෙන
ඉඳල හිටලා රෑට
නෙලුම් මල් ගත් ඇත්තු
එබෙනවා

විසි හතර පෑ යන්න
කලින් පෙත්තක් බීල
මං උන්ව එලවලා
දානවාl