ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අම්මා

අම්මා

ඉෂංකා මිහිරි කුමාරතුංග
2023-September

ලෝකය නුඹම වෙලා
ඇවිදන් යද්දී මඟ සොයා
සැරයටියක් වී ලඟට වෙලා
සවි අරන් සෙවනැල්ල වෙලා…
ලඟ උන්නා නම් ….
අම්මේ නුඹ පමනී….

තන්හා මානය ලග සිත නැවතී
පසු පස දුවනා සිත් බැදී
අනෝරා වැස්සේ දකිනා මිරිගුව ලගදී
දෙපා නවතනා මායාවකී
අම්මේ නුඹ මායාවකී…..

සෙනෙහස රැදෙනා නෙක මායිම් ලගදී
නිමා නොවනා පෙම දෑසෙ රැදී
සිත සනසනා…නෙත පවසනා
අම්මේ නුඹ ලෝකයකී….
අම්මේ නුඹ වසන්තයකි…