ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඊළඟ කඳුල

ඊළඟ කඳුල

වසන්ත තෙන්නකෝන්
2021-February

ගෙනෙයි නම් ඔහු
ඔබට සෙත
මගේ සුබපැතුම්
මන්ද හැම දෙයටම වඩා
ඔබේ සතුටයි උතුම්

කෙදිනක හෝ ඔහු
බිඳියි නම් ඔබේ හද
ඉනික්බිති ඉණුවොත්
එකදු කඳුලක් නෙත් අග
මම ඉඳිමි ඔබ ළඟ
ඊළඟ කඳුළු බිඳුවට පෙර

Freddy Fender විසින් ගායනා කරන ලද “before the next teardrop falls ” ගීතයේ අනුවාදය