![](https://londonkavi.com/wp-content/uploads/2024/01/32898491-c6f3-41df-9d2d-fa0a0a44771a.jpg)
හිරු බසින්නෙද කුමකට……….
සුදු නෙළුම් සරි මුතුකුඩ
දියේ පිපෙනා හේතුව
එය නෙළා පින් පිරුමට
කෙනෙක් හට දීමයි වර
සැඳෑ සඳ නැග එන විට
හිරු බසින්නෙද කුමකට
තම රැසින් එළි ගෙන සඳ
තුටු පහටු වන්නට හැර
තුන් මසක් ගොස් මියැදෙන
මී බිඟුන් මේ වැඩ කිම
උන් නැතත් මී පැණි රස
තිබිය යුතුවේ මිහිපිට
නිවන් යන්නත් බැරි තැන
අම්ම ඇයි බුදුරුව ළඟ
ඈට මොකටද පින් බල
එයත් පිරුවේ අපටය
කවුරු කවුරුත් දිව එතී
කති බොතී යළි යළි එතී
එකෙක් දෙන්නෙක් දිවි දිදී
මිහිරි රස කැප කරවතී…