ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවසන් උරුමය

අවසන් උරුමය

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2022-May

උමතු වී බල මතින්
වගුල රුහිරය මතින්
බලයලත් උන් ඉතින්
මියැදෙන්නෙ හිස් අතින්

නොමිනිසුන් ලෙස වෙසෙන කට්ටිය
වෙතම අල්ලා සිටින මුට්ටිය
අතට ගත්තත් සල්ලි කුට්ටිය
උරුම වන්නේ මිනී පෙට්ටිය

තමන්ගේ යුතුකමත් ඉටුකර
ආදරේ ඇති උන්ව තුටු කර
රටට ලෝකෙට ණය බරින් තොර
අයට දෙව්ලොව ඇරී ඇත දොර