ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

චණ්ඩ

චණ්ඩ

කංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය
2021-July

රෝසමල් හිනැහෙයි අවිහිංසක ව
පෙති නොතලා බී මධු
රිදෙතැයි මුදු පෙති – පිරිමැද ආදරෙන්
නොබිදෙන බදුනකට
පුරවා සිහිල් දිය
අසුරා රෝස මල
දුරින් සිට හැඩ බැලු
සෙනෙහසද මෙි!!!

තැලිි කලුතලා වී මුදු කොපුල් පෙති
මුකුලිතවු මලෙකි
සැලෙනා බියෙන්
වාරු නැතිි අතපය රිදුම් දෙයි
එල්ලයක් නැතිව ලද
චණ්ඩ පහරින් දසත

අහස හා මහ පොලොව
ශෝකයෙන් කම්පිතව
නොහෙලා කල්පයක් එකතු කල
කඳුලු වැල් ගලායයි
කල්පාන්ත මෙිඝය බඳුව
ඉකිබිඳුම් අතරින් පෙරි
රෝසපෙති තෙම තෙමා

සොවින් බරවු සුසුම් රැළි
හඬගා කියයි නොකියු කතාවක්
කකියන හදවතක…

අත්කර ගන්ට මත්තෙන්
දුන් සෙනෙහස රෝස කැකුලියට
නෙලා සතුකර ගත් පසු
පලා ගියෙ කො⁣හිදයැයි සිතමින් ..!